මාලිමාවට ආර්ථිකය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් නෑ.. හර්ෂ කියයි.!

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ස.ජ.බ සහ ජා.ජ.බ පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයක් සඳහා කරන ලද ආරාධනාව ජාතික ජන බලවේගය විසින් මග හරිමින් සිටින බවක් පෙනෙන්නට ඇති බවයි.

ඔහු කියාසිටියේ මහජනතාවට කණ්ඩායම් දෙකේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැන ගැනීමට අවස්ථාව ලබා දිය යුතු නමුත් ජාතික ජන බලවේගය ඒ සඳහා එතරම් උනන්දුවක් නොමැති බවත් ඔවුන්ට ආර්ථිකය සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ඇතිදැයි සැකයක් පවතින බවත්ය.

එමෙන්ම මන්ත්‍රීවරයා කියාසිටියේ, සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වන විටත් එළි දක්වා ඇති නමුත් ජාතික ජන බලවේග ප්‍රතිපත්තිය කුමක්දැයි පැහැදිලිතතාවයක් මෙතෙක් කිසිවෙකුත් නොදන්නා බවත් එම පක්ෂයේ විවිධ පුද්ගලයන් නොයෙකුත් ආකාරයේ පල කරමින් සිටින නමුත් එක නිශ්චිත වැඩපිළිවෙළක් හෝ ස්ථාවරයක් ඔවුන් මෙතෙක් එළි දක්වා නැති බවත්ය.

කෙසේ වෙතත් මෙම ආර්ථික කමිටු විවාදය සඳහා සහභාගී වන ලෙස ඔහු තවදුරටත් ජාතික ජන බලවේගයට ආරාධනා කරන සිටින බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

Loading

One thought on “මාලිමාවට ආර්ථිකය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් නෑ.. හර්ෂ කියයි.!

  • උඹලගේ සැලැස්මට 76 ක්‌ කලා දැන් අපිට හොඳටම සනීපයි… Sorry

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement