පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් වාහන ලබාදිය හැකි බවත් එසේ නොවුනහොත් මන්ත්‍රීවරුන් සොරකම් කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සදහන් කරයි.
මන්ත්‍රීවරුන්ට රටේ ජනතාවගෙන් හිඟාකමින් ජීවත් වීමට නොහැකි බවත් හොරකම් කරන මන්ත්‍රීවරුන්ට කිසිදෙයක් අවශ්‍ය නැති බවද මන්ත්‍රී හර්ෂ ද සිල්වා සදහන් කරයි.
මන්ත්‍රී හර්ෂ ද සිල්වා තවදුරටත් සදහන් කළේ,
” මන්ත්‍රීලා මොණරගලින්, යාපනයෙන්, බදුල්ලෙන්, ත්‍රීකුණාමලයෙන් එනවා. ඔවුන් කියනවා ඔවුන්ට මේක කරගන්න බැහැ කියලා. ඔවුන්ගේ පඩියෙන් ඔවුන්ට මේ වැඩේ කරගන්න පුළුවන්ද බැරිද.?
හැමෝම පුද්ගලික අංශයේ වැඩකරලා රිටයර් වෙලා ආපු අය නෙවෙයි. මන්ත්‍රීවරුන්ට කීයක් ගෙවනද පඩිය. ඒ පඩියෙන් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද.? වාහනයක් ඕනනම් දෙන්න පුළුවන්.
මන්ත්‍රීට අරක දුන්න මේක දුන්න කියලා විවේචනය කරන්න හරි ලේසියි. මන්ත්‍රීවරුන්ට මිනිස්සුන්ගෙන් හිඟාකාලා ජීවත්වෙන්න බැහැනේ. එහෙම නැත්නම් හොරකම් කරනවා. හොරකම් කරන මන්ත්‍රීලට මේ කිසිදෙයක් ඕන නැහැ.”
තීරු බදු රහිත වාහන මන්ත්‍රීවරුන්ට ලබාදීම සම්බන්ධව මාධ්‍යවේදීන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.