පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය සාකච්චාවකදී එම පක්ෂයේම මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පල කළේය, එහිදී ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මහලේඛම් වරයා තමා විමධ්‍යගත අරමුදල් ලභාගැනීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත අරමුදල් සම්බන්ධයෙන් මධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ස.ජ.බ මහලේඛම්වරයා කියා සිටියේ එම අරමුදල් සඳහා ඉල්ලුම් කළ සමහර මන්ත්‍රී වරුන්ට එම අරමුදල් සපයා ඇති බවත් එසේ තෝරාගත් පිරිසකට පමණක් අරමුදල් වෙන් කිරීම වැරදි සහගත බවත් ය.
කෙසේවෙතත් හර්ෂද සිල්වා මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, තමා කිසිදු විටක එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවත් තමාට කිසිසේත් එවැනි අවශ්‍යතාවක්ද නොමැති බවත් ය.
“දෙකයි පනහේ දේවල් ගන්න මට උවමනාවක් නෑ, මට දීලත් නෑ, මට වැඩකුත් නෑ, මට ඕනෙත් නෑ.. මගෙ වැඩේ මම කරා මම මෙතනින් ගියා, හැබැයි මාව අල්ලන්න එපා, මට එකෙක්ගෙවත් ඒව ඕනෙ නෑ.. මට දෙකයි පනහේ දේශපාලනයක් නෑ, මොකද්ද අයිසේ.. ලැජ්ජා නැද්ද දෙකයි පනහේ දේශපාලනය කරන්න.. මම මෙච්චරකල් ඉවසුවා, ඔන්න දැන් කෙලින්ම කිව්වා, කාටහරි ප්‍රශ්නයක් තියෙනවනම් කෙලින් කතාකරන්න, නිකන් තැන් තැන්වල හිහින් කියවන්නේ නැතුව”