නව ත්‍රස්ත පනතට එරෙහිව 25 වනදා හර්තාල්.!

නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුර හා නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට දෙමළ දේශපාලන පක්ෂ තීරණය කරයි.

එම නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත එළඹෙන 25 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එදින හර්තාල් ව්‍යාපාරය දියත් කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූරේශ් ප්‍රේමචන්ද්‍ර සදහන් කරයි.

මේ ගැන එම පළාත් වල දේශපාලන කටයුතු සිදු කරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ප්ලොට්, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ් යන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් යාපනයේදී (18) සාකච්ඡාවක් පවත්වා ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close