මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හැටන්, ලෙදන්ටි වතුයායේ පදිංචි සිටි 39 හැවිරිදි තිදරු පියෙක් බව වාර්තා වේ.
පසුගිය 27 රාත්‍රියේ වතුයායේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට අතරතුර පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය කළහැකි පුද්ගලයා තේරිම තරගයක් පවත්වා තිබේ.
එම තරගය සඳහා මියගිය පුද්ගලයා සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සහභාගී වී ඇති අතර ඒ, සඳහා එක් අයෙකුට මත්පැන් බෝතලය බැගින් ලබා දී ඇති බවත් එහි දී ඉක්මනින්ම මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා ජයග්‍රහකයා ලෙස තෝරාගන්නා බව පවසා ඇත.
අදාළ මියගිය පුද්ගලයා තරගට පෙර සිටම මත්පැන් පානය කර සිට ඇති අතර තරඟයේ ජයග්‍රාහකයා වී ඇත්තේද මියගිය පුද්ගලයා බව වාර්තා වේ.
රාත්‍රී 10ට පමණ නිවසට පැමිණ ඇති එම පුද්ගලයා නිද්දට ගොස් ඇති අතර පසු දින අලුයම ඔහු නිදි පැදුරේම ජීවිතක්ෂයට පත්ව ඇති බව නිවැසියන් දැක ඇති බව සදහන්.
තරගය සඳහා ඉදිරිපත් වූ තවත් පුද්ගලයෙක් ද අධික ලෙස රෝගාතුර වී දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තත්වය බරපතල හෙයින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වේ.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මරණයට හේතුව වශයෙන් සටහන් කර ඇත්තේ නිව්මේනියා රෝගය වැළඳී සිටිම සහ ගලනාලයේ ආහාර සිරවීම මරණයට හේතුව වි ඇති බවයි.