ප්‍රදේශ රැසකට තද වැසි.!

අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද දකුණු පළාතේත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

RSS