පළාත් රැසකට තද වැසි.!

අද (04) දිනයේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන් කරයි.

තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close