අදත් ප්‍රදේශ රැසකට තද වැසි.!

අද (02), බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ උතුරු-මැද පළාතේ සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලටත් අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලටත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එය මිලිමීටර් 75 දක්වා ඉහළ තද වැසි තත්වයන් වනු ඇතැයි දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව දිස්ත්‍රික්කවල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවද කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close