රට තුළ ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීමට යොදා ගන්නා කාඩ්පත් වල පවතින හිගතාවය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම එළඹෙන අගෝස්තු මාසය දක්වා කල් තබයි.
පසුගිය 2005 වසරෙන් පසු උපත ලද දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට ජාතික හැඳුනුම්පත වෙනුවට සහතික කරන ලද ලිපියක් පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ මෙම ලියවිල්ල එළඹෙන ඔක්තෝබර් මාසය දක්වා වලංගු වන ආකාරයට නිකුත් කරන බවයි.
රටේ පවතින කාඩ්පත් හිගය සමනය වන තෙක් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සීමා කිරීමට සිදුව ඇති බවද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා තවදුරටත් සදහන් කරයි.