යුක්රේනයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ දරුවන් දෙදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
යුක්රේන කියුව් අගනුවර ආසන්නයේ පිහිටි නගරයක් වන Brovary හි පෙර පාසලක් සහ නිවාස සංකීර්ණයක් ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය අය අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Denys Monastyrsky ඇතුළු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
-අනුරාධ වාසල