හිස්බුල්ලා සංවිධානයේ ප්‍රබල නායකයා ඝාතනය කරයි.!

ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ හිස්බුල්ලා මූලස්ථානයේ තීරණාත්මක කාර්යභාර්යක් ඉටුකල හිස්බුල්ලා නායකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බේරූට්හි හිස්බුල්ලා මූලස්ථානයේ ආයුධ හුවමාරු කිරීමේ තීරණාත්මක කාර්යභාර්යක් ඉටුකල නායකයෙකු වන සුහයිල් හුසේන් හුසේනි එලෙස මියගොස් ඇත.

දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක 70කට පමණ ඊයේ දිනයේදී ප්‍රහාර එල්ල කළ බවත් මේ වනවිට බේරූට් වෙත අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවද ඊශ්‍රායල ආරක්ෂක අංශ සදහන් කරයි.

Loading