රජය රුපියල් මිලියන 200 ක් වියදම් කරමින් නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අද (23) ගාලුමුවදොරට පැමිණියේය.
අනතුරුව එළඹෙන පෙබරවාරි මස 04 දින නිදහස් උත්සවය පැවැත්වීමට විරෝධය දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ නිදහස් සැමරුම පවත්වන ස්ථානයේ කණුවල කළු පටි බඳිමින් තම විරෝධය එල්ල කළේය.
එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කළේ,
“මොන තරම් මේ රටේ ප්‍රශ්න තියෙනවද? ඊට පස්සෙ කියනවා ඡන්දයක් තියන්න සල්ලි නැහැ කියලා. එතකොට මේ රටේ රනිල් රාජපක්ෂ විසින් මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා තියෙනවද? බෝඩ් එකක් අර එළියට බහින්න බෑ මර්දනය කරනවා.
කොහෙද නිදහසක්. අපේ පාලකයින් විසින් අපේ රටේ නිදහස නැතිකරලා තියෙන්නේ.එහෙනම් අපි ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගෙන් කරුණාකරලා මෙතනට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ උත්සවයට විරෝධතාවය දක්වමින් මෙතන කළු පටි බඳින්න.”
අනතුරුව විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාකරුවන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් අතර පොලීසියේ බාධා කිරීම් හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විරෝධතාකරුවන් මාර්ගයේ ඉවතට ගොස් විරෝධතාවය පළ කළේය.