විපක්ෂ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹ නගරාධිපති ධුරයට තරඟ වැදීමට සූදානම් වුවත් ඔහු යම් දෙගිඩියාවක පසුවන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සැලසුම් කරන සිටින තත්ත්වයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සලකා බලමින් සිටින බව සදහන් කරයි.
මෙම තත්ත්වය මත සමගි ජන බලවේග කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.