රටේ රාජ්‍ය සේවකයින් වසර පහකට වැටුප් රහිත දේශීය හා විදේශීය නිවාඩු ලබා ගැනීම සඳහා යොමු කළ අයැදුම් පත්‍ර 30,000 පමණ ප්‍රමාණයක් ලැබී අති බවත් ඒ අතරින් මේ වනවිට අයැදුම්පත්‍ර 2000කට පමණක් අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වේ.
වසර 05ක කාලයක් රාජ්‍ය සේවකයින් සඳහා විදේශගත වීමට අදාළ එම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය වසරේ 2022 ජුනි 22 වැනිදා නිකුත් කළේය.
පසුගිය මාස 06 තුළදී පමණක් යොමු කළ එම අයැදුම්පත්‍ර සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වයත් සමග ඉදිරියේදී මෙම ප්‍රමාණය ඉහළ යා හැකි බවද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.
පසුගිය 01 වැනිදා වන විට පමණක් දේශීය නිවාඩු සඳහා අයැදුම්පත්‍ර 150කටත් විදේශීය නිවාඩු සඳහා අයැදුම්පත්‍ර 1000ක් සඳහාත් අනුමැතිය හිමිව ඇති බවත් රාජ්‍ය සේවකයන් බොහොමයක් කොරියාවට යාම සඳහා විදේශ නිවාඩු ඉල්ලුම් කරන බවද සදහන් කරයි.