ළමා රෝගීන් සඳහා විශ්වවිද්‍යාලයීය මහාචාර්ය ඒකකයට අනුබද්ධව අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති එක් වාට්ටුවක සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදේශගත වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.
එම වාට්ටුවේ සිටින රෝගීන් වාට්ටු අංක 24 සහ 25 වෙත යොමු කිරීමටත් ඉදිරියේදී සිදුකරනු ලබන ඇතුළත් කිරීම් එම වාට්ටු දෙකට පමණක් යොමු කරන ලෙසට රෝහලේ බලධාරීන් මේ වන විට අදාළ උපදෙස්දී ඇති බවද වාර්තා වේ.
රටේ ප්‍රධාන පෙළේ රෝහලක විශේෂඥ වෛද්‍යවරුන් විදේශගත වීම හේතුවෙන් වාට්ටුවක් වසා දැමීමට සිදුවීම උච්චතම අවස්ථාවකට ගමන් කිරීමේ මුල් පියවර විය හැකි බව වෛද්‍යවරුන් සදහන් කරයි.