රෝගීන් ඖෂධ නැතිව මියයනවා.. සියලුම රජයේ රෝහල්වල ඖෂධ නෑ.. වෛද්‍යවරු අනතුරු අඟවයි.!

රටේ සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි.

අවශ්‍යම පිළිකා ඖෂධ වලින් බොහෝ ප්‍රමාණයක් රජයේ රෝහල් තුළ නොමැති බව අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා සදහන් කරයි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සහකාර ලේකම් තවදුරටත් සදහන් කළේ,

“සරල ම ඖෂධ වෙන පැරසිටමෝල් සිරප් එක, සැල්බුටමෝල් පෙත්තේ සිට ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ දක්වා විශාල හිඟයක් පවතිනවා. පිළිකා සඳහා භාවිතයට ගන්නා ඖෂධ 22කින් තියෙන්නේ 3ක් විතරයි. උපකරණ වල විශාල හිඟයක් පවතිනවා.

අක්ෂි ශෛල්‍යකර්ම කරන්න කාච හිඟයක් පවතිනවා. පසුගිය දවස්වල රුධිර පාරවිලයන ඖෂධවල විශාල හිඟයක් තිබුණා. රෝගීන් දිනෙන් දින මියගියා. සරල ඖෂධ නැති නිසා සායනික රෝගීන් මරණයට පත්වෙනවා වැඩියි. බෝ නොවන රෝග ඇති සියලු රෝගීන් අනතුරක සිටිනවා”

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close