වර්ජනය හේතුවෙන් රෝගීන් අමාරුවේ.!

අද (02) දින උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා ප්‍රධාන රෝහල් 10ක සෞඛ්‍ය සේවකයින් තම සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

සිය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (01) පැවැත්වීමට තිබූ සාකච්ඡාවට අවස්ථාව නොලැබීම නිසා අද (02) දිනයේ මෙම වර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම සදහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව හදිසි හේතුවක් මත අද පස්වරුව දක්වා කල් දැමීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 24 කින් කල් දමා පැය 4ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ඔවුන් තීරණය කර ඇත.

මෙම වර්ජනය සඳහා ආර්ථික යුක්තිය ඉල්ලමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රසායනාගාර ශිල්පීන්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තිය සමිති සාමාජිකයින් එක්ව ඇත.

මහනුවර ජාතික රෝහල, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර යන ශික්ෂණ රෝහල් සහ බදුල්ල පළාත් මහ රෝහල යන රෝහල්වල ඊයේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුණේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලමින්ය.

Loading

RSS