වැටුප් ගැටලුව මුල් කරගනිමින් අද (01) දිනයේ දීප ව්‍යාප්තව සැලසුම් කර තිබූ රෝහල් වැඩවර්ජනය, රෝහල් කිහිපයකට පමණක් සීමා කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
ඊට හේතුව ජනාධිපති කාර්යාලයෙ එම ගැටලු සම්බන්ධව කච්ඡාවකට එකඟතාව ප්‍රකාශ කිරීමයි, ඊට ප්‍රතිචාර ලෙස වැඩවර්ජනය ප්‍රධාන රෝහල් 5කට සීමා කිරීමට වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බව පැවසීය.
එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය, තෝරාගත් රෝහල් කිහිපයක අද උදෑසන 6.30 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන අතර අද දිනය තුල සිය ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරින් අපොහොසත් වුවහොත් හෙට (02) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් ය.
අද වර්ජනය ක්‍රියාත්මක රෝහල් වනුයේ – මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල.