රිජ්වේ ළමා රෝහලෙන් විශේෂ දැනුම්දීමක්.!

රෝහල් තුළ දරුවන්ට ඉන්සියුලින් නොමැති බවට මේ දිනවල පැතිර යන ප්‍රචාරය අසත්‍ය බවත් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් රෝහල සතුව පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසූරිය අද (08) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කරයි.

සායනවලට පැමිණෙන දරුවන්ට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් ලබාදීමේ හැකියාව තිබෙන බවත් දිවයිනේ යම් රෝහලකට දරුවන්ට ලබාදෙන ඉන්සියුලින්වල යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් එය ලබාදීමට හැකියාව තිබෙන බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

අනෙක් රෝහල්වලටත් ඉන්සියුලින් යැවීමේ හැකියාවක් තිබෙන බැවින් කාරුණාකර ඔබේ දරුවාට ඉන්සියුලින් ලබාදීමට අවශ්‍ය නම් කිසිදු පැකිලීමකින් තොරව රෝහලට පැමිණෙන ලෙස ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා තවදුරටත් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close