උණුසුම මාරාන්තිකයි.. වටිනා ජීවිතයක් අහිමිවෙයි.!

උණුසුම් කාලගුණය අතරතුර දහවල් කාලයේ පාපැදියක් තල්ලුකරමින් ගමන් කළ 72 හැවිරිදි සිව්දරු පියෙක් බිමට ඇදවැටී මියගොස් ඇත.

මෙරටට බලපා ඇති එල්නීනෝ තත්ත්වයත් සමඟ මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් උණුසුමි කාලගුණයෙන් ආරක්ෂා වන ලෙස සෞඛ්‍ය අංශ පසුගිය කාලය පුරාම ජනතාවට අනතුරු අගවා ඇත.

අකුරැස්ස, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා (21) දින ⁣පාපැදියක් තල්ලුකරමින් ගමන් කළ අවස්ථාවේදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close