මිනිස් ජාවාරමට සම්බන්ධ හමුදා ලොක්කෙක් අත්අඩංගුවට.!

මිනිස් ජවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව මේ වනවිට පැමිණිලි 288ක් පමණ ලැබී තිබෙන බවත් ඊට අදාළව සැකපිට මේ වන විට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා තිබෙන බවත් ඔවුන් මෙම මිනිස් ජාවාරම සිදු කිරීම සඳහා ප්‍රචාරක කටයුතු සමාජ මාධ්‍ය හරහා සිදුකර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මෙවැනි රැවටීම් වලට හසු නොවන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මිනිස් ජාවාරම සම්බන්ධව තවත් තොරතුරු ඇත්නම් 0112 401 146 යන දුරකථන අංකයට අමතා ලබාදෙන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement