මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,
“රුසියානු – යුක්රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් මේ දිනවල රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ගේ අවධානය යොමු කෙරුණා. මෙහිදී පළමුව අවධාරණය කළ යුතුව ඇත්තේ මිනිස් ජවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණුවන බවයි.
ඔවුන් මෙම මිනිස් ජාවාරම සිදු කිරීම සඳහා ප්රචාරක කටයුතු සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය හරහායි. එහිදී ඉහළ වැටුප් ඇතුළු විවිධ වරප්‍රසාද ගැන සඳහන් කර තිබෙනවා. මෙම මිනිස් ජාවාරමට ගොදුරුවූවන් රැල්ලක් ලෙස ඊට හසුව තිබෙනවා. ඒ නිසා මෙවැනි රැවටීම් වලට හසු නොවන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව සදහන් කරයි.