අයිස්ලන්තයට හදිසි තත්ත්වයක්.!

මේ වනවිට දකුණු අයිස්ලන්තයේ රේක්යානස් අර්ධද්වීපයේ ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

අධික ලෙස එම ගිනි කන්දෙන් ලාවා විධාරනය වන බවත් ඒ අසල පිහිටා ඇති ග්‍රින්ඩාවික් නගරයෙහි වැසියන් සියලු දෙනා මේ වන විට ඉන් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන නිල් කලපුව ප්‍රදේශයද, මේ වන විට අවධානම් කලාපයක් ලෙස නම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිනි කන්ද ගෙවුණු දෙසැම්බර් මාසයේ සිට වඩාත් සක්‍රීයව පැවති අතර එය ලාවා විහිදුවමින් සිටින බැවින් අවදානම් කලාපවල වාසය කරන පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close