ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අඛණ්ඩව සහය දෙනවා.(IMF)

මේ වනවිට උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසයි.

ජාත්‍යන්තර මූලය අරමුදල (IMF) සහ ලෝක බැංකුව එක්ව සංවිධානය කරන ස්ප්‍රිං සමුළුවට සමගාමීව ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග ඊයේ දින සාකච්ඡාවකට එක්වෙමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා⁣ මේ බව පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු ශ්‍රී ලංකාවේ දූත පිරිස සමග සාර්ථක සාකච්ඡාවක් සිදුකළ බවද සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසයි.

පවතින ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා සිය වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සිය ට්විටර් සටහනේ සදහන් කර ඇත. 

ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීම සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවී සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ට්විටර් සටහනක් තබමින් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close