වාහන ආනයනයට නිර්දේශ ලබාදෙයි.!

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙරට විදේශීය නිල සංචිතයට අවහිරතාවක් ඇති නොවන ආකාරයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලබාදී ඇත.

පසුගිය 2022 වසරේදී එවක පැවති රජය භාණ්ඩ දෙදහසකට අධික ප්‍රමාණයකට ආනයන සීමා පැනවු අතර පසුව ක්‍රමිකව එය සීමා ලිහිල් කිරීමක් සිදු කරනු ලැබුවේය.

එළඹෙන 2025 වසරේ පෙබරවාරි මාසයේදී රථ වාහන ආනයනය සඳහා මුළුමනින්ම ඉඩ ලබාදීම කෙරෙහි පසුගිය රජය අවධානය යොමු කොට තිබුණේය.

එම තීරණය සම්බන්ධව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ නිල විදේශීය සංචිතයට බලපෑමක් නොවන ආකාරයට වාහන ගෙන්වීමට අවශ්‍ය නිර්දේශ තමන් දැනටමත් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බවයි.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments