අවුරුදු 77කට පසුව නිදහස් උත්සවයේ අලුත්ම වෙනසක්.!

එළඹෙන 2025 වසරේ ජාතික නිදහස් උත්සවය රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව අගමැතිනි හරිනි අමරසූරිය සදහන් කළාය.

අගමැතිනි හරිනි අමරසූරිය සදහන් කළේ,

“මෙතෙක් කලක් මේ රටේ නිදහස් දින උළෙල පැවැත් වුණේ ප්‍රභූන් වෙනුවෙන්. 2025 සිට නිදහස් උළෙල රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා. නිදහස් උත්සවයෙන් පාසල් දරුවන්ට, සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස එය සංවිධානය විය යුතුයි.”

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අගමැතිනිය මේ බව සදහන් කළාය.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments