හිටපු ඉන්දීය දේශපාලඥයෙකු වන අතික් අහමඩ් සහ ඔහුගේ සහෝදරයා සජීවීව රූපවාහිනී නාලිකාවල විකාශය සිදු කරන අතරතුරදී වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සජීවීව රූපවාහිනී නාලිකාවල විකාශය සිදු කරන අතරතුර වන අතර එහිදී වෙඩි වැදුණු පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
එම ඉන්දීය හිටලු දේශපාලකයා සහ ඔහුගේ සහෝදරයාට වෙඩි තැබීම සිදුකර ඇත්තේ මාධ්‍යවේදියකු ලෙස පෙනී සිට පැමිණි පුද්ගලයෙකු බව පොලීසිය සදහන් කරයි.