ඉන්දීය හමුදාවට ත්‍රස්ත ප්‍රහාරයක්.!

කාශ්මීරයේ පූන්ච් දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථයකට සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් ඇත.

මෙම ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් අධික වර්ෂාව සහ මීදුම් සහිත කාලගුණ තත්වයකදී හමුදා සාමාජිකයින් රැගත් රථය ඉලක්ක කර අදාළ ප්‍රහාරය එල්ල කර ඇත.

එම සියලුම හමුදා සාමාජිකයන් රාෂ්ට්‍රිය රයිෆල්ස් ඒකකයට අයත් වන අතර ඔවුන් ප්‍රදේශයේ ත්‍රස්ත මර්දන මෙහෙයුම් සඳහා යොදවා ඇති බවත් තුවාල ලැබූ සාමාජිකයන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ල කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close