ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවා ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (19) දින නිකුත් කළ දත්ත වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වෙයි.
මෙම සංවිධානය 1950 වසරේදී රටවල් වල ජනගහනය ලැයිස්තුගත කිරීමෙන් පසුව ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඉන්දියාව පසුගිය 2011 වසරෙන් පසු රටේ ජන සංගණනයක් සිදු කර නොමැති බවත් ඒ හේතුවෙන් ඉන්දියාව සතු ජනගහනය පිළිබඳ නිවැරදි දත්ත නොමැති බවද වාර්තා වේ.