හැකි ඉක්මණින් 13 වන සංශෝධනය ක්රියාක්මක කර පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ආණ්ඩුවට දැනුම් දී ඇත.ඒ කොළඹ දී පැවති ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක විය යුතු බවද ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සදහන් කරයි.
විදේශ අමාත්‍ය එස්. ජයශංකර් තවදුරටත් සදහන් කළේ,
“අපි කල්පනා කරන්නේ ඔවුන් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට උදව් කළ යුතුයි. අන් අය කරන තුරු බලා නොසිට නිවැරදි යැයි අපි විශ්වාස කරන දේ කිරීමට අපි තීරණය කළා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතිකයක් ලබා දුන්නා. එමගින් ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට පහසුවෙයි. අපේ බලාපොරොත්තුව වන්නේ එමගින් ශ්‍රී ලංකාවේ ස්ථානය තවත් ශක්තිමත් වෙයි.”
“දේශපාලන බලය බෙදීම සහ ඔහු ඒ ගැන සිතන දේ ගැන ජනාධිපතිවරයා මට පැවසුවා. මම ඔහුට පැවසුවා ඒ සම්බන්ධයෙන් 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනට පැවැත්වීම වැදගත් බව.”