ඉන්දියාවේ, උත්තරකාන්ද් පළාතේ, ජෝෂිමාත් නමැති වන්දනාකරුවන් අතරේ ජනප්‍රිය කුඩා නගරය ගිලා බැසීමට පටන්ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නගරය ගිලා බැසීම සැලවුණු සැණින්, ඉන්දීය ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දේශසීමා ආරක්ෂක සෙබළුන් නගරයට යැවූ බව ඉන්දීය මධ්‍යම රජය සදහන් කරයි.
අනතුරුව ආරක්ෂක සෙබළුන් යොදවා නගර වැසියන් නගරයෙන් ඉවත් කිරීම ආරම්භ වී ඇති බවත් නගරයට දිවෙන සියලු මාර්ගයන් ඉරි තැලීම්වලට ලක් වී අබලන් තත්ත්වයේ පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම කුඩා නගරයේ නිවාස 600 කට වැඩි ගණනක සහ ගොඩනැගිලිවල දහසකට ආසන්න ගණනක දරුණු ලෙස ඉරි තැලීම් දකින්න ලැබෙන බව උත්තරකාන්ද් බලධාරීන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම කුඩා ජෝෂිමාත් නගරය ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 1,899 ක් ඉහළින් වන අතර මෙම නගරය වඩාත් ප්‍රසිද්ධ හිමාල අඩවියට නන්දෙසින් පැමිණෙන හින්දු සහ ශීක් බැතිමතුන් අතරය.