නැවතත් නිර්වින්ද ඖෂධ ඉන්දියාවෙන් ගෙන්වයි.!

රෝගීන් කිහිපදෙනෙකු මියයාම සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත වූ නිර්වින්ද ඖෂධ වෙනුවට වෙනත් ඉන්දීය ඖෂධ සමාගමකින් එම නිර්වින්දන ඖෂධ ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව යළිත් වරක් ඉන්දියාවෙන් ආනයනය කළ නිර්වින්දන ඖෂධ එන්නත් තොගයක් අද (13) දින මෙරටට ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඉන්දියාවෙන් ගෙන්වා තිබූ ප්‍රොෆෝල් වර්ගයේ නිර්වින්දන ඖෂධ වර්ග දෙකක් භාවිතයෙන් ඉවත් කළ බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සදහන් කරයි.

ඉන්දියාවෙන් ගෙන්වු බාල ඖෂධ හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සහ ජාතික අක්ෂි රෝහලේදී එන්නත් ලබා ගැනීමෙන් පසුව රෝගීන් කිහිප දෙනෙකු මිය ගියේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close