බැසිල්ගේ මෙහෙයුමෙන් රනිල් ජයගනී.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධූරයට පත් කිරීමට යෝජනා කළේ, පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සදහන් කරයි.

පොදුජන පෙරමුණ අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට නුසුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ මතය වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ඒ අනුව ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ඡන්දය නොදීමට පොදුජන පෙරමුණ තීරණය කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුව තුළ සියලු මෙහෙයුම් සිදුකළේ බැසිල් රාජපක්ෂ බවද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close