By unusuma.lk on
(LK time)හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාගේ බාල සොහොයුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (01) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
ඒ කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ඕමාන ජාතික ව්‍යාපාරිකයකුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කළ සිද්ධිය සම්බන්ධ සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා බව වාර්තා වේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාට ද චෝදනා එල්ල වී ඇත.
ඉකුත් 2022 වර්ෂයේදී කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ඕමාන් ජාතික ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට කඩාවැදී ඔහුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාගේ බාල සොහොයුරුට චෝදනා එල්ලවිය.
ප්‍රහාරයට හේතු වී තිබුණේ මෙම ව්‍යාපාරිකයාට අයත් ඇඟලුම් කම්හලේ ප්‍රවාහන කටයුතු සඳහා ලොරි රථ යෙදවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් බව පැවසේ.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන බාරවූ අතර කඳාන පොලිසිය මගින් මීට ඉහතදී සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.
කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන හිටපු රාජ්‍ය ඇමැතිවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබුවේ වසරකට පමණ පසුවයි.