නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වූ අතර සැප්තැම්බර් මාසය සඳහා එය -0.5% ක අගයක් දක්වා පහත බැස ඇති බවයි.
2024 අගෝස්තු මාසයේ 0.8%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2024 සැප්තැම්බර් මාසයේදී -0.3% දක්වා අඩු වී ඇත.
ඊට අමතරව, 2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.5%ක් දක්වා පහත බැස ඇති අතර එය 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් ලෙස වාර්තා වෙයි