ඉතුරුම් පොලී අනුපාත ගැන තීරණයක්.!

ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන් පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

විවිධ වයස් තලයන්ගේ පොලි ප්‍රතිශතයන් පිළිබඳව ලැබෙන විවිධ ඉල්ලීම් සියල්ලම සලකා බලා මේ ගැන විශ්ලේෂණයක් සිදුකරන බවත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් හා සංවේදීව කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement