ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බවයි
මේ අනුව 10.15% ක් ලෙස වාර්තා වී තිබූ බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) පසුගිය සතිය අවසානයේ දී 9.92% ක් ලෙසින් සටහන්ව ඇත.
2023 වසරේදී පෙර මෙම අගයය දැක්වුණේ 21.32% ක් ලෙසින් වන අතර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ 2022 අප්‍රේල් 01 දිනෙන් පසු මෙරට බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය තනි ඉලක්කමකට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවයි.
මෙම තත්ත්වය තුළ මෙරට වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතික තනි ඉලක්කමක අගයට අඩුවී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සටහනක් පහත දැක්වේ