ලංකා අයි.ඕ.සී පීඑල්සී ඉන්ධන සමාගම විසින් පසුගිය අප්‍රේල් 02 දින පළවු පුවතක් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ලංකා අයි.ඕ.සී ඉන්ධන සමාගම ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව එම පුවතේ සදහන් විය.
ඒ ගැන පැහැදිලි කිරීමක් කරමින් ලංකා අයි.ඕ.සී සමාගම සදහන් කළේ, එයාකාරයෙන් අතිරේක ඉන්ධන පිරවුම්හල් 100 ක් වෙනුවෙන් කිසිදු සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යාංශය සමඟ සිදු නොකළ බවයි.
