ISIS සටන්කාමීන් නැවත හිස ඔසවයි.!

වයඹදිග පාකිස්තානයේ ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි ස්වාභාවික ගෑස් සහ බොරතෙල් නිෂ්පාදනය කෙරෙන සංකීර්ණයක් ඉලක්ක කර ISIS සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් සහ පුද්ගලික ආරක්ෂක භටයින් 02 ක් ජීවිතක්ෂයට පත්වී තිබේ.ප්‍රහාරය සඳහා ISIS සටන්කාමීන් 50 දෙනෙක් පැමිණ ඇති බව වාර්තා විය.

ඇමරිකාව විසින් නව ISIS නායක අබු ඊබ්‍රාහිම් අල් කුරේෂි සිරියාවේදී 2022 වසරේ දී ඝාතනය කළේය.අයිඑස් තම බලයේ උච්චතම අවස්ථාවෙහිදී මෙන් ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශ තවදුරටත් පාලනය නොකරයි.නමුත් තවමත් ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියා, මිලේච්ඡ ඝාතන,ස්ත්‍රි දුෂණ සිදු කරමින් සිටී.

Loading

RSS