ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රිනී මුදිතා ප්‍රිශාන්ති නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ඇමැතිවරයා කියා සිටියේ නව ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවන් 30,000කට මෙරට තරුණ තරුණියන් විදෙස්ගත කිරීම් කටයුතු මේ දිනයන්හි සිදු කරනා බවයි.
එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ,
ඊශ්‍රායලය හා මෙරට අතර ඇති ද්විපාර්ශ්වික ගිවිසුමට අනුව 2022 මැයි මාසයෙන් පසුව සාත්තු සේවිකාවන් 2000කට වැඩි සංඛ්‍යාවක් ඊශ්‍රායලය වෙත යැවීමට හැකි වී ඇති අතර එරට කෘෂිකාර්මික හා ඉදි කිරීම් අංශයේ රැකියා අවස්ථාවන් සඳහා පුරප්පාඩු නිකුත් කරනා ආකාරයට මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම සිදු කරනා බවත් අලුත් ඇණවුම් අනුව කඩිනමින් කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන්ට ඊශ්‍රායලය වෙත පිටත් කිරීමද සිදුකරනා බවයි.
.