පෙර තත්ත්වයට පත්වීමේ හැකියාව අඩුයි.. ජැක්සන් නිවසට රැගෙන යාම සුදුසුයි.!

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි නැවතත් පෙර සිටි තත්ත්වයට පත්වීමේ හැකියාව ඉතා අඩු බව සෞඛ්‍යය ව්‍යත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.

ජැක්සන් ඇන්තනීගේ ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයෙන් බැහැරව යම් යම් මිත්‍යා විශ්වාස මත තල්ලු වෙමින් ඉදිරියට යන බවත් ජාතික රෝහල යනු බටහිර වෛද්‍ය විද්‍යාව අනුගමනය කරන්න තැනක් මිස ආශ්චර්යයන් සිදු වන තෙක් බලා සිටිනා තැනක් නොවන බවද රවි කුමුදේශ් සඳහන් කරයි.

ජැක්සන් ඇන්තනීට ගැටලුවක් නොවන ආකාරයට මේ ආකාරයේම පහසුකම් ඇති වෙනත් වාට්ටුවක් දින දෙක තුනකින් නිර්මාණය කර දීමට ඔහුට ආදරය කරන සියළු පාර්ශවයන්ට හැකියාව හැකියාව ඇති බවද රවි කුමුදේශ් සඳහන් කරයි.

ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙල අනෙක් ඕනෑම රෝගියකුට පොදු විය යුතු බවත් එම පොදු බව සෞඛ්‍ය සේවාවේ පැවතිය යුතු බවද රවි කුමුදේශ් සඳහන් කරයි.

කිසියම් පුද්ගලයකු තමන්ගේ ඥාති රෝගියාද මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් තබා ගන්නැයි රෝහල් පද්ධතියෙන් ඉල්ලීමක් කළ හොත් එය බරපතල අභියෝගයක් බවද රවි කුමුදේශ් සඳහන් කරයි.

මෙවන් රෝගීන් තම නිවෙස තුළ මේ ආකාරයේ යන්ත්‍රසූත්‍ර සවිකරගෙන රජයේ මැදිහත්වීම සහිතව එම රෝගීන් රැකබලා ගන්නා බවද මාධ්‍ය අමතමින් සභාපති රවි කුමුදේශ් තවදුරටත් සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close