ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී පසුගිය වසරේ ජූලි 07 වැනිදා ගමන්ගත් වාහනයේ වල් අලියෙකු හැපීමෙන් ඔහු ශල්‍යකර්ම 2කට භාජනය වී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවෙයි.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාල වල විවිධ වාර්තා පල වෙමින් ඇති පසුබිමක වෛද්‍ය චමල් සංජීව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරයි.
වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවය මත ජනතාවට තම සෞඛ්‍ය පහසුකම් නොමිලේ සිදු කර ගැනීමට අවස්ථාව ලැබී ඇති බවයි.
යම්හෙයකින් මෙම රජයේ සෞඛ්‍ය සේවාවක් පුද්ගලීකරණය වූවොත් සාමාන්‍ය උණ රෝගයකට වුවත් රෝහල් ගාස්තුව රුපියල් ලක්ෂ දෙක තුනක් ගෙවීමට ඉඩ ඇති බවද වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.
පුද්ගලීකරණය වූවොත් දැඩි සත්කාර ඒකකයක වියදම කෝටි ප්‍රකෝටි ගණන් දක්වා ඉහළ යා හැකි බවත් නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැකගත යුතු බවද වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.