යාපනේදී බන්ධනාගාර බස් රථය හප්පා සිරකරුවන් පන්නන්න හැදූ සැළැස්මක් වරදී.?

යාපනයේ ඌර්කාවතුරේ නාරත්තන පාරේදී සිරකරුවන් 11 දෙනෙකු රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා ඊයේ (13) යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව වාර්තා වේ.

එම අණතුරත් සමඟින් ක්ෂණිකව ක්‍රියාත්මක වූ බස් රථයේ රඳවා සිටි සිරකරුවන් කිහිප දෙනෙක් බසයෙන් බැස පලා යාමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

එහිදී බස් රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී පැනයාමට තැත්කළ සිරකරුවන් නැවතත් තම භාරයට ගෙන ඇති බව සඳහන්.

පසුව එම පිරිස දැඩි ආරක්ෂාවක් යටතේ වෙනත් වාහනයකින් යාපනය බන්ධනාගරය වෙත ගෙන ගිය බව එම නිළදාරීන් පවසයි.

කෙසේවෙතත් සිරකරුවන් පැන යෑමට දැරූ උත්සාහය නිළදාරීන්ගේ දක්ෂතාවය මත වළක්වා ගැනීමට හැකිවී ඇති අතර මෙම සිදුවීම යම්කිසි සැළසුමකට අනුව සිදුවූවක්ද යන්න පිළිබඳ සැකයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර ජේෂ්ඨ නිලධාරීයෙක් පැවසීය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement