වැසිකිළි ජනේලයෙන් පළා ගිය කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු යළි බන්ධනාගාර භාරයට ගැනීමට හැකි වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සදහන් කරයි.
වාද්දූව, දෙල්දුව, දෑවිරුගම ප්‍රදේශයේ පදිංචි මෙම රැඳවියා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) දින පළාගොස් ඇත.
හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2300ක් සන්තකයේ තබාගෙන සිටියදී දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම සැකකරු අප්‍රේල් (29) වනදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර ඇත.