එහෙම කාටත් ඕන විදියට කවුරුත් පත් කරන්න බෑ.. මම උසාවි යනවා.!

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙක් ලෙස කුෂාන් ජයසූරිය පත්කිරීමේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විෂයභාර අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව නොමග යවා ඇති බව මහජන උපයෝගිතා කොමාසමේ සභාපති ජනක රත්නායක සදහන් කරයි.

තවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා පනත උල්ලංඝනය කර ඇති බවත් එම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බවද මහජන උපයෝගිතා කොමාසමේ සභාපති ජනක රත්නායක සදහන් කරයි.

ඝට්ටනයක් ඇති පුද්ගලයෙක් සභාවේ සාමාජිකයෙක් ලෙස පත්කළ නොහැකි බවත් කුෂාන් ජයසූරිය විදුලිබල කර්මාන්ත ආශ්‍රිත සමාගමකට සම්බන්ධ බවත් පත්වීම් ලිපියක් කැඳවීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නොමැති බවද ජනක රත්නායක තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close