පසුගිය ජනවාරි මස (01) සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය කළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස ජනක රත්නායක එය පෙබරවාරි මාසයේ මැද දක්වා කල් දැමුවේය.
එලෙස විදුලි ගාස්තු වැඩි කිරීම සදහා මාස එක හමාරක පමණ කාලයක් ප්‍රමාද කිරීමෙන් රජයට විශාල පාඩුවක් සිදු වූ බවත් එම පාඩුව කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් අය කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.
විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3200 ක පාඩුවක් ඒ අනුව සිදුව ඇති බැවින් එම මුදල අයකරගත යුතුව ඇත්තේ ජනක රත්නායකගෙන් බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.
තවද මේ වනවිට නීති විරෝධී වත්කම් පරීක්ෂණයක් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.