පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අවදානමේ.!

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ලිහිසි තෙල් කර්මාන්තයේ ඡායා මාත්‍ර නියාමන බලතල ඉවත්කිරීම සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සදහන් කරයි.

පසුගිය 2006 වසරේ සිට ලිහිසි තෙල් කර්මාන්තයේ නියාමන කටයුතු සදහා ලිහිසි තෙල් කර්මාන්තකරුවන් විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ගෙවු දායක මුදල් මහ භාණ්ඩාගාරයට ලබාගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව මගින් තීරණය කර ඇත්තේ කිසිදු තර්කානුකූල පදනමකින් තොරව බව සභාපති ජනක රත්නායක සදහන් කරයි.

වෙළෙඳපොළේ බලපත්‍රලාභී සමාගම් 26ක් ක්‍රියාත්මක වන අතර ඉන් සමාගම් 04ක් බලපත්‍රලාභි මිශ්‍රකරන සමාගම් වන අතර නිමි ලිහිසි තෙල් ආනයනකරුවන් 22ක් වන බවත් නව සමාගම් සදහා වෙළෙඳපොළට පිවිසීමට ඉඩකඩ විවරකර ඇති බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.

අඛණ්ඩ නියාමන ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට ලිහිසි තෙල් වෙළෙඳපොළ ප්‍රමිතිය ඉහළයමින් ලිහිසි තෙල් කර්මාන්තකරුවාගේ මෙන්ම පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් තහුවරු කිරීමද වැඩිදියුණු වෙමින් පවතින බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.

එනිසා ලිහිසි තෙල් වෙළෙඳපොළේ නියාමකයා වෙතින් බද්ද ඉවත් කිරීම බරපතළ ඍණාත්මක ප්‍රතිවිපාක ඇතිකළ හැකි බවත් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අවදානමට ලක් විය හැකි බවද සභාපති ජනක රත්නායක තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close