ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක (PUCSL) ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි.
පසුගිය දා ජනාධිපති රනිල් වික්රමසිංහ සමග පැවති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී විදුලි ගාස්තු සංශෝධනයට උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉඩ නොදෙන බව මන්ත්රී කණ්ඩායමට පෙන්වා දී ඇත.
අනතුරුව එම මන්ත්රීවරුන් පෙන්වා දී ඇත්තේ විදුලි කප්පාදුව දීර්ඝ නොකළ යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇති බවයි.