රට තුළ යළිත් විදුලි ගාස්තු ඉහළ නැංවීමටත් මේ මොහොතේ කිසිසේත්ම අනුමැතිය ලබා නොදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරයි.
මෙම විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලිය ඊයේ දින පස්වරුවේ තමන්ට ලැබුණු බවද මහජන උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක සදහන් කරයි.
ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කලත් තමන් එයට විරුද්ධ බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.
එළඹෙන පෙබරවාරි මස 15 වනදා වන විට සමාලෝචනය කිරීමේ පදනම මත මෙම අනුමැතිය ලබාදී ඇත.