නව මහ බැංකු පනත් කෙටුම්පතේ ඇති සමහර වගන්ති ජනමත විචාරණයක් මගින් සම්මත කළ යුතු බව දැනුම්දී ඇතැයි යුතුකම සංවිධානය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සඳහන් කරයි.
මෙම නව පනතේ වගන්ති 134 න් 46 ක් සඳහා තුනෙන් දෙකක විශේෂ පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය බවත් ඇතැම් වගන්ති රටේ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්ව ඇති බවද මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සඳහන් කරයි.
මෙය 1996 මහ බැංකුවට එල්ල කරන ලද ත්‍රස්තවාදී බෝම්බයටත් වඩා භයානක පනතක් බවත් මෙමගින් රටේ ආර්ථිකය බිඳ වැටෙන බවත් මෙම පනත අවලංගු කර නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද මන්ත්‍රීවරයා සදහන් කරයි.